රනින් ලක්මව සැරසු තරුෂිගේ දක්ෂතා ජනපති අගයයි

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඇගයීම ඊයේ (05) මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් වෙත අක්තපත්‍ර ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සව අවස්ථාවේදීම තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවද උත්සවාකාරයෙන් ජනාධිපති මන්දිරය වෙත පිළිගැනීම සිදු වූ අතර එහිදී ජනාධිපතිවරයා විසින් සිසුවියව නව තානාපතිවරු වෙත හඳුන්වාදීම ද සිදු කර තිබෙනවා
තරුෂි කරුණාරත්න ශිෂ්‍යාවගේ පාසල වූ වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පාසලේ මලල ක්‍රීඩා කටයුතුවල නිරතවන සිසු සිසුවියන් 76 දෙනාට ද ඇය සමග මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඒ අනුව එම සිසු සිසුවියන් සියලු දෙනා විදුහල්පතිවරයා සහ තරුෂිගේ ක්‍රීඩා පුහුණුකරු ඇතුළු ක්‍රීඩා පාසලේ ගුරුවරුන් 06 දෙනාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

