සකීබ් අල් හසන් ක්‍රීඩාවේ ජීව ගුණය බින්දුවට දමයි

සකීබ් අල් හසන් ක්‍රීඩාවේ ජීව ගුණය බින්දුවට දමයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවකු වන ඇන්ජලෝ මැතිව්ස් ව එක් පන්දුවක් හෝ නොයවා දවා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද කටයුතු කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව් වැනි කඩුල්ල ලෙස සදීර සමරවික්‍රම ලකුණු 135ක් ව තිබියදී මැතිව්ස් කඩුල්ලට පිවිසියේය.

නමුත් ඔහු කඩුල්ලට පැමිණ සිය ස්ථානය ලකුණු කර ගැනීමට පෙර ඔහුගේ හිස් ආවරණයේ යම් ගැටලුවක් හේතුවෙන් ඔහු නැවත හිස් ආවරණයක් ඉල්ලීය.

ඒ අතරදී බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළේ විනාඩි 3 ඇතුළත තම පළමු පන්දුවට පහර නොදුන් හෙයින් ඔහු ව දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරන ලෙසයි.

ඒ අනුව විනිසුරු එරස්මස් තීරණය කළේ මැතිව්ස් දැවීගිය ක්‍රීඩකයෙක් ලෙසයි.

එහිදී මැතිව්ස් අල් හසන් වෙත ගොස් තමාට සිදුවූ දෙය සම්බන්ධයෙන් විමසුවද ඔහු සිය ඉල්ලීම ඉල්ලා අස්කර ගැනීමට එකඟ නොවන බව පෙනුණි.

ඒ අනුව මැතිව්ස් 5 වන කඩුල්ල ලෙස නැවත ක්‍රීඩාගාරයට ගියේය.

මෙය ක්‍රීඩාවේ ජීව භාවයට හානියක් බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෝ පැවසූහ.

අනතුරුව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්, එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක, බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ ට පහදන අයුරු ද දක්නට ලැබුණි.

COMMENTS