බංග්ලාදේශයට කඩුළු තුනක ජයක්

බංග්ලාදේශයට කඩුළු තුනක ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (06) පැවති තරගයෙන් ජය ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49, පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 279 පමණයි.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 105ක් තුළ ලකුණු 108 වාර්තා කළා.

ඔහුගේ දෙවැනි එක්දින ශතකය ලෙසයි මෙය වාර්තා පොතට එක් වුණේ.

එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 6ක් සහ 6 පහර 5ක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 41 පන්දු 1 කදී කඩුලු 07 පමණක් දැවී තරගය ජය ගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto පන්දු 101 කදී ලකුණු 90ක් ලබා ගත් අතර Shakib Al Hasan පන්දු 65 කදී ලකුණු 85 ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී දිල්ශාන් මදුසංක ලකුණු 69 ලබා දෙමින් කඩුලු 3 දවා ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 35 ලබා දෙමින් කඩුලු 02 දවා ගැනීමට සමත් වුණා.

මෙම තරගය අතරතුර උණුසම් තත්වයන් දිගින් දිගටම සිදුවූ අතර තරගය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් බංග්ලාදේශ කණ්ඩායමට සුබ පැතීමට එක් වුයේ නෑ.

COMMENTS