O/L ප්‍රතිඵල මේ මාසයේ

අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තෙවන සතියේ නිකුත් කිරීමට හැකියාව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත අද ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
“පසුගිය සමයේ රටේ පැවති තත්ත්වය හමුවේ 2023 වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ කිරීම ප්‍රමාද වූවා. කෙසේ වුවත් 2023 මාර්තු 27 වන දා එම පාසැල් වාරය ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණා. නමුත් එම ප්‍රමාදයන් වළක්වමින් 2024 වර්ෂයේ පෙබරවාරි 19 වන දා නව වසරේ පළමු පාසල් වාරය ආරම්භය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව පළමු වසරේ සිට එකොලහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළ ම අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”
“2025 පාසල් වර්ෂය සාමාන්‍ය තත්ත්වයෙන් ම පැවත්වීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේ ම උසස් පෙළ විභාගය ද අප පැවැත්වීමට කටයුතු කළා. නමුත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් හේතුවෙන් පිළිතුරු පත්‍ර සමීක්ෂණය කල් ගියා. තවත් පිරිසක් අධිකරණයට ගොස් තිබෙනවා. නමුත් මේ වන විට නියමිත ආකාරයට කාලසටහන් නිකුත් කිරීමට අප පියවර ගෙන තිබෙනවා. පවතින තත්ත්වයන් කෙසේ වුවත්, කාලය කළමනාකරණය කරමින් නියමිත කාලයට විභාග පැවැත්වීම අපගේ අපේක්ෂාවයි. එමෙන් ම පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තෙවන සතියේ නිකුත් කිරීමට අප සූදානම්ව සිටිනවා. මෙතැනදී අපට අභියෝගයන් කිහිපයකට මුහුණ දෙන්න සිදුව තිබෙනවා. යෝජිත සාමාන්‍ය පෙළ විභාගය මැයි මස දක්වා කල් යන විට, අලුතින් එකොලහ වසරට පැමිණෙන දරුවන් ද පෙබරවාරි මස 19 වන විට එම පන්තිවලට ම පැමිණෙනවා. එම තත්ත්වය පාසල් මට්ටමින් කළමනාකරණය කර ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.” යනුවෙන්

