ආබාධිත වුවන්ට ඡන්දය දෙන්න වෙනම හැඳුනුම්පතක්

ආබාධිත වුවන්ට ඡන්දය දෙන්න වෙනම හැඳුනුම්පතක්

ආබාධිත වුවන්ට ඡන්දය ලබා දීම සඳහා වෙනම හැඳුනුම්පතක් නිකුත් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි වසර 5ක කාලය අවසන් වීමට පෙර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

2011 වර්ෂයට වඩා මේ වසරේදී අබාධිත වුවන්ගේ සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් පවතින බවත් ඔවුන්ගෙන් අවුරුදු 18ට වැඩි සියලුදෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීම මැතිවරණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නියමු ව්‍යාපෘතිට අදාළව දිස්ත්‍රික්ක 10කින් පූර්ණ ආබාධ සහිත වූවන් 500 දෙනකු බැගින් තෝරාගෙන මේ වසර තුළ 5000කට හැඳුනුම්පත් සකස් කර දීමට පියවර ගැනීමට නියමිතයි.

COMMENTS