ඔක්තෝම්බර් අවසානයේ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 11 ඉක්මවයි

ඔක්තෝම්බර් අවසානයේ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ 11 ඉක්මවයි

ඔක්තෝම්බර් 31 වනදායින් අවසන් වූ කාලය තුළ සංචාරකයින් 11 ලක්ෂ 25,455 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනව බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් ජූලි මාසයේ පැමිණ ඇති අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ 43,039 ක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස පසුගිය මාසයේදී සංචාරකයන් එක්ලක්ෂ 9,199 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණා.

පසුගිය වසර පුරාම දිවයිනට පැමිණ තිබුණේ සංචාරකයන් හත්ලක්ෂ 19,978 ක් පමණයි.

COMMENTS