ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ පනත් කෙටුම්පත, විනිසුරු කේ.ටී.චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් කෙටුම්පත් කර ඇති බව වාර්තාවෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලු විසඳීම සඳහා පත්කළ කැබිනට් අනුකමිටුව වෙත ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම කෙටුම්පත අද භාර දී තිබෙනවා.

