අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 14,558ක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 14,558ක් පීඩාවට

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 10ක පවුල් 3,935කට අයත් පුද්ගලයින් 14,558ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම ඊයේ (08) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි අපේක්ෂා කළ අතර ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 105.8 වාර්තා වී ඇත්තේ අඹේපුස්ස ප්‍රදේශයෙන් බවයි වාර්තා වන්නේ.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ජලාශ රැසක් වාන් දමමින් පවතින අතර රාජාංගණ ජලාශයේ වාන් දොරටු 06ක් මේ වන විට විවෘත කර තිබෙනවා.

නිල්වලා ගංඟා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබෙන ගංවතුර අවදානම් නිවේදනය ඉදිරි පැය 24 කාලය සඳහා ද දීර්ඝ කර ඇති අතර, දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

මේ අතර, වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී තිබූ අතර, ජල පහරකට හසුව ගසා ගෙන ගිය පුද්ගලයෙකු දොඹකරයක් ආධාරයෙන් මුදා ගැනීමට කටයුතු කර තිබුණා.

COMMENTS