වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාරයක්

මරදාන දුම්රියපොළ ඉදිරිපිට දී සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා.
කෙසේ වෙතත් ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරතවුණා.
මෙම විරෝධතාව පවත්වා තිබෙන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

