ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරඟයෙන් ලකුණු 171ක්

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරඟය නවසිලන්ත කණ්ඩායම සමඟ මේ වන විට බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 171ක් රැස්කළා.
අද ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු කුසල් ජනිත් පෙරේරා හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 28ක දී ලකුණු 51ක් රැස්කළා.
ආරක්ෂාකාරී ඉනිමක් ගොඩනගමින් පන්දු 91කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමග මහීෂ් තීක්ෂණ ලකුණු 39ක් රැස්කළා.
ඩිල්ෂාන් මදුසංක ලකුණු 19යි.
එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ලෝක කුසලාන තරඟය මෙය වීම විශේෂත්වයක් වන අතර, තරඟයේ දී ඔහුට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 16ක් පමණයි.
අගනා පන්දු යැවීමක නිරත වූ Trent Boult ලකුණු 37කට කඩුලු 3ක් දවාගත් අතර, Lockie Ferguson, Mitchell Santner සහ Rachin Ravindra කඩුලු දෙක බැඟින් දවාගැනීමට හැකිවුණා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසෙන නවසීලන්ත කණ්ඩායම ලකුණු 172ක ඉලක්කයක් හඹා යාමට නියමිතයි.

