2023 රත්වූ වසරයි

මිහිතලයේ වැඩිම උෂ්ණත්වයක් සහිත වර්ෂය ලෙස මෙම වර්ෂය පත්ව ඇති බව යුරෝපා සංගමයේ දේශගුණික විපර්යාස සේවාව කළ පර්යේෂණයකින් හෙළිව තිබෙනවා.
පසුගිය වසරට සාපේක්ෂාව එය සෙල්සියස් අංශක බින්දුවයි දශම 4 ක වැඩිවීමක් බවයි එහි දැක්වෙන්නේ.
කාබන් විමෝචනය, එල්නිනෝ තත්ත්වය උෂ්ණත්වය මෙලෙස ඉහළ යාමට හේතුවී තිබෙනවා.
එම පර්යේෂණයට අනුව දැක්වෙන්නේ වසර එක් ලක්ෂ 25,000 කට පසුව වැඩිම මිහිතල උෂ්ණත්වය සහිත වසර මෙය බවයි.

