ICC ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳම එක්දින පිතිකරු සහ පන්දු යවන්නා

ICC ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳම එක්දින පිතිකරු සහ පන්දු යවන්නා

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලොව හොඳම එක්දින පිතිකරු ලෙස නම් කර ඇත්තේ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශුග්මන් ගිල් (Shubman Gill) ක්‍රීඩකයායි.

ලැයිස්තුවේ දෙවන ස්ථානය පකිස්ථාන නායක බාබර් අසාම් හිමි කර ගනිද්දි, එහි තෙවන ස්ථානය හිමිව ඇත්තේ, දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩිකොක්ටයි.

කෙසේ වෙතත් ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිට මෙවර ICC පිතිකරු ලැයිස්තුවේ හිමිව ඇත්තේ, සිව් වන ස්ථානයයි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ ශ්‍රේණිගතකිරීමට අනුව ඉන්දිය කණ්ඩායමේ මොහොමඩ් සිරාජ් ලොව හොඳම පන්දු යවන්නා වේ.

දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් සහ ඔස්ට්‍රේලියාවේ ඇඩම් සැම්පා පිළිවෙළින් එම ලැයිස්තුවේ දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගෙන සිටිති.

මේ අතර හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කර ගැනීමට බංග්ලාදේශ නායක ෂකීබ් අල්-හසන් සමත්ව ඇත.

එහි දෙවන ස්ථානය ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී හිමි කර ගනිද්දී තෙවන ස්ථානය හිමි වී ඇත්තේ, සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ සිකන්ද රාසාටයි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකු ICC ශ්‍රේණිගත කිරීම්වල කිසිදු ලැයිස්තුවක පළමු 10 දෙනා අතරට පැමිණීමට සමත්ව නොමැත.

COMMENTS