කැලණියේ උපකුලපති සහ ලේඛකාධිකාරි තොරතුරු කොමිසමේ නඩුවෙන් නිදහස්

ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ නියෝගයක් කඩ කළේ යැයි චෝදනා ලබා සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා සහ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී කේ. කේ. ධර්මතිලක යන අය නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබෙනවා.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අද(09) අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම තීන්දුව ලබාදීමට තීරණය කළා.
මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව තොරතුරු කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
2018 වසරේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලිකාරියට අදාළව පැවති මූලික පරීක්ෂණයක වාර්තාව ලබා නොදීම තුළින් කොමිසමේ නියෝගයක් කඩ කළේ යැයි චෝදනා කරමින්.

