ඩොලර් මිලියන දෙක ගැන පැහැදිලි කිරීමක්

අමෙරිකානු ඩොලර් මිලියන දෙකක් වෙනත් පාර්ශ්වයකට හුවමාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ දරමින් සිටින බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වල ඇති මුදල්, තෙවැනි පාර්ශ්වයකට යැවීමට කිසිදු උත්සාහයක් නොගත් බවයි.
වැඩිදුරටත් එම නිවේදනයේ මෙලෙස සඳහන් වෙනවා.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුග්‍රාහක ආදායම සහ අනෙකුත් මුදල් ලැබෙන්නේ අමෙරිකානු ඩොලර් වලින්. එම මුදල් අමෙරිකානු ඩොලර් ගිණුම්වල රඳවා තබන්නේ විනිමය වෙනස්කම් වල වාසිය ලාබාගැනීමට. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙරට එදිනෙදා කටයුතු පවත්වා ගෙන යෑමට සහ පාර්ශවකරුවන්ට සහ සැපයුම්කරුවන්ට කළ යුතු ගෙවීම සඳහා මුදල් අවශ්‍යයි. ඒ සඳහා අමෙරිකානු ඩොලර් ගිණුම්වලින් සාමාන්‍යයෙන් අවශ්‍ය ඩොලර් ශ්‍රී ලංකා රුපියල් වලින් පවත්වාගෙන යනු ලබන ගිණුම් වෙත හුවමාරු කරනවා.”
එබැවින් “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලින් මුදල් පිටතට ඇදීමට උත්සාහ දරනවා.” යනුවෙන් පැවසීම වැරදි සහගත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඊට අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.


