විරෝධයෙන් සිසුන් 12ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසු විරෝධතාව අතරතුරදී සිසුන් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී විරෝධය විසුරුවා හැරීමට පොලීසිය මරදාන ප්‍රදේශයේදී ජල ප්‍රහාරයක් ද එල්ල කළා.
මරදාන පොලීසිය අසල සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර, ඩීන්ස් පාර වසා දැමීම හේතුවෙන් එම සිසුන් මරදාන පොලීසිය අසල සිට විරෝධතාවයේ නිරවුණා.

