දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කෙරේ

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 3කින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් වාන් දොරටු විවෘත කළ බවයි.
පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ

