මුදල් පිළිබඳ කාරක සභාවෙන් විසර්ජන පනතට අනුමැතිය ලැබෙයි

2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.
ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුත් මුදල් කාරක සභාව විසන් ඊට අනුමැතිය ලබාදුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
වාර්ෂික අයවැය යෝජනාවලින් විශාල ප්‍රමාණයක් යෝජනාවලට පමණක් සීමාවීම ගැටලුවක් බව කමිටු සභාපතිවරයා එහි දී පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව මෙම තත්ත්වය වළක්වා ගැනීමට අයවැය පසුවිපරමක් සිදු කළ යුතු බවත්, මුදල් කාරක සභාව මඟින් ඉදිරි අයවැයට අදාළ පසුවිපරම සිදු කළ යුතු බව ඔහු අවධාරණය කළ බව වාර්තා වෙනවා.
වාර්ෂික අයවැය පරතරය 5%කට අඩු අගයක පවත්වා ගත යුතු බවට මුදල් නීති රෙගුලාසිවල නෛතික ප්‍රතිපාදන තිබුණ ද එය ප්‍රායෝගික ව ක්‍රියාත්මක නොවීම පිළිබඳ මුදල් කාරක සභාවේ අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති රැසක් අද ප්‍රදේශ කිහිපයක විරෝධතා උද්ඝෝෂණ සංවිධාන කළා.

