ලෝක කුසලානයේ ලංකාව මුහුණ දුන් අවසන් තරඟයත් පරාදයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසිලන්ත අතර තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (09) සමත් වුණා.
මෙම තරඟය ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරඟය ද වනවා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 171ක් පමණයි.
මෙම තරගයේදී කුසල් පෙරේරා පන්දු 28 කදී ලකුණු 51ක් ලබා ගත්තා.
ඒ අනුව පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසුනු නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23යි පන්දු 2 කදී ලකුණු 172ක ඉලක්කයක් හඹා ගියා.
මේ අතර එක්දින ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට කණ්ඩායම් 03ක් සමත් වුණා.
ඒ ඉන්දියාව දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාවයි

