සීනි ගබඩාවලට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් යොදවයි

තොග අවසන් වන තුරු පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් සියලු සීනි ගබඩාවල අධීක්ෂණය සඳහා යෙදවීමට පියවර ගන්නා බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජනාධිපති මාධය කේන්ද්‍රයේ අද (09) කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්.
සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා පවතින රුපියල් 275ක පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

