ජංගම දුරකථන සිම් කාඩ්පත් සම්බන්ධයෙන් TRCSL විසින් දීපව්‍යාප්ත වැඩසටහනක්

මහජනතාවගේ තම ජංගම දුරකථන සිම් කාඩ්පත් නැවතත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තමා නමින් වෙනකෙකු සිම් පතක් භාවිතා කරන්නේ නම් එය වහාම එය අවලංගු කරන ලෙසටයි ඔවුන් පවසන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ මෙම වැඩසටහනේ පළමු අදියර සඳුදා (13) සිට සෙනසුරාදා (18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ දී ක්‍රියාත්මක කරන බවයි.
තම ජංගම සිම් කාඩ්පත් ලියාපදිංචිය යාවත්කාලීන කිරීමට අපොහොසත් වන පුද්ගලයින් අපරාධ ක්‍රියාකාරකම් සඳහා තම ජංගම දුරකථන අංක භාවිතා කර ඇත්නම් එහි වගකීම භාර ගැනීමට සිදුවන බවටද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.

