නිව්යොර්ක් නඟරාධිපතිට වැඩ වරදී

නිව්යොර්ක් නඟරාධිපතිට වැඩ වරදී

අමෙරිකාවේ නිව්යොර්ක් නඟරයේ නගරාධිපති එරික් ඇඩම්ස්ගේ ජංගම දුරකතනය සහ අනෙකුත් පරිඝණක උපාංග අමෙරිකානු එෆ් බී අයි හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය භාරයට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුර්කි රජය සමඟ සිදු කළ දූෂණ ගනුදෙණුවක් සම්බන්ධයෙන් අනාවරණ වූ තොරතුරු මත විමර්ශන කාර්යාංශය භාරයට ගෙන ඇති බවයි.

2021 වසරේ දී ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර අරමුදල් රැස් කිරීමට අදාළව මෙම දූෂිත ගනුදෙණුව සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.