අරවින්ද සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට

ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර බිහිවූ සදාතනික විශිෂ්ටයින්ගේ ලැයිස්තුවට හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඊට අදාල නිල සම්මානය ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී අරවින්ද ද සිල්වාට ලබා දීමටයි තීරණය වී ඇත්තේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සදාතනික විශිෂ්ඨයින්ගේ ලැයිස්තුවට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ මුත්තයියා මුලරිදරන් නම් කර තිබුණා.

