පස්කන්දක් කඩා වැටී දෙදෙනෙකු රෝහලට

පස්කන්දක් කඩා වැටී දෙදෙනෙකු රෝහලට

හාලිඇළ, රොකතැන්න වතුයායේ නිවාස කිහිපයක් මතට අද (11) උදෑසන පස්කන්දක් කඩාවැටී තිබෙනවා.

එහි දී තුවාල ලබා දෙදෙනකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පස් කඳු කඩා වැටීමෙන් එහි තිබූ නිවාස හතරකට හානි සිදු වූ බව වාර්තා වෙනවා.

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හාලිඇල පොලිසිය, ආපදා සහන ඒකකය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එක්ව එම සිදුවීම කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කළා.

COMMENTS