2024 අයවැය අද පාර්ලිමේන්තුවට

2024 අයවැය අද පාර්ලිමේන්තුවට

2024 වර්ෂයට අදාළ අයවැය අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 22 සිට දෙසැම්බර් 13 දක්වා අයවැය තුන් වැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් 13 වැනි දා ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

ආර්ථික අර්බුදයක් පවතින පසුබිමක අද ගෙන එන අයවැය පිළිබඳ රටේ ක්ෂේත්‍ර රැසක පිරිස් පසුවන්නේ දැඩි අවධානයකින්ය.

COMMENTS