අරවින්දට Hall of Fame ගෞරව නාමයෙන් පිදුම්

අරවින්දට Hall of Fame ගෞරව නාමයෙන් පිදුම්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලබා තිබෙනවා.

ICC විශිෂ්ඨතම ක්‍රීඩකයින් අතරට අලුතින්ම එකතු වන ශ්‍රී ලංකා ක්‍රීඩකයා අරවින්ද වන අතර, මීට පෙර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් මෙම නාමාවලියට ඇතුළත් කළා.

එමෙන්ම ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ශේවාග් සහ Diana Edulji ICC විශිෂ්ඨ ක්‍රීඩකයින් අතරට ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන අරවින්ද ද සිල්වා 1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ශතකයක් රැස් කළා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 93ක දී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6361ක්.