බළංගොඩ නායයෑමෙන් එකම පවුලේ හතරක් අතුරුදහන්

බලංගොඩ ගවරන්හේන වැයින්තැන්න ප්රදේශයේ නිවාස හතරක් නාය යාමකට හසුවී ඇති අතර ඉන් එක නිවාසයක් සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි.
සම්පූර්ණයෙන්ම යටවූ නිවාසයේ සිටි මව,පියා සහ දියණියන් දෙදෙනකු මේ වන ව්ට සොයා ගත නොහැකිව අතුරුදන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.
අධික වැසි තත්ත්වය හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති අතර, ප්රදේශයේ ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ආපදා කලමනාකරණ ඒකකය සඳහන් කළේ.

