බලංගොඩ නායයෑමෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

බලංගොඩ නායයෑමෙන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

බලංගොඩ ප්‍රදේශයේ ඉරිදා (12) සිදු වූ නාය යෑමෙන් අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද (14) සොයා ගෙන තිබෙනවා.

පස්කන්දක් නායයාම හේතුවෙන් යටවූ බලංගොඩ – ගවරන්හේන – වැහින්තැන්න ප්‍රදේශයේ නිවසේ සුන්බුන් සොයාගැනිමට ඊයේ (13) ආරක්ෂක අංශ සමත් වුණා.

අධික වැසි සමඟ අදාළ නිවස මතට මෙම පස්කන්ද කඩා වැටී තිබූ අතර, එයට යට වීමෙන් අතුරුදන්ව ඇත්තේ 10 සහ 16 හැවිරිදි දියණියන් දෙදෙනා, 45 හැවිරිදි පියා සහ 40 හැවිරිදි මවයි.

නායයෑමෙන් තවත් නිවාස 3කට හානි සිදු වූ අතර, එක් නිවසක සිරවී සිටි වයෝවෘද්ධ පුද්ගලයින් දෙදෙනෙකු ආරක්ෂක අංශ විසින් මුදාගනු ලැබුවා.

COMMENTS