මහනුවරට තාක්ෂණික විශ්ව විද්‍යාලයක්

මහනුවර විශේෂ තාක්ෂණික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියේ 2024 අයවැය යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි අයි ටී විශ්වවිද්‍යාලයේ සහාය ඇතිව මෙය ඉදිකරන බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

