රථ වාහන දඩ ගෙවීමට රාත්‍රියෙත් අවස්ථාවක්

රථ වාහන දඩ ගෙවීමට රාත්‍රියෙත් අවස්ථාවක්

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාලවලින් රාත්‍රී කාලයේ දී රථ වාහන දඩ පත්‍රිකා භාරගැනීමට කටයුතු යොදා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර සීතාවක පුර, කොටහේන, කොම්පඤ්ඤ වීථිය, බොරැල්ල, හැව්ලොක් ටවුන්, වැල්ලවත්ත, බත්තරමුල්ල සහ නුගේගොඩ තැපැල් කාර්යාලවලින් දඩ මුදල් ගෙවීමේ පහසුකම් සපයා තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ දෙහිවල, ගල්කිස්ස, මොරටුව, පානදුර, කළුතර යන තැපැල් කාර්යාලවලින් ද- මෙම සේවාව ලබාගත හැකි බවයි.