ශ්‍රී ලාංකික පිරිසකට ඔස්ට්‍රේලියාවේදී පහරදීමක්

ශ්‍රී ලාංකික පිරිසකට ඔස්ට්‍රේලියාවේදී පහරදීමක්

ඔස්ට්‍රේලියාවේ- බලරට් නගරයේදී ශ්‍රී ලාංකික පවුලකට ඔස්ට්‍රේලියානු ජාතික තරුණයින් පිරිසක් පහරදී තිබෙනවා.

ඒ හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත 12 හැවිරිදි සිය දියණිය දැඩි කම්පනයට ලක්ව සිටින බවට ඇගේ දෙමාපියන් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මොවුන් වසර 10 කට වැඩි කාලයක් මෙල්බන් නුවර පදිංචිව සිට ඇති අතර ඔවුන් සිය දියණිය සමඟ චාරිකාවක් යාමේදී අදාල ප්‍රහාරයට ලක්ව ඇති බවට සඳහන්.

https://tinyurl.com/3r59adhn