2024 අයවැය අභියෝගයක් – ෆිච්

2024 අයවැය අභියෝගයක් – ෆිච්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13 වනදා ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියේ සඳහන් ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසනවා.

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වෙන් කළ රුපියල් බිලියන 450ක ප්‍රතිපාදනය නොමැතිව වූවද 2024 දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 7.1%ක් වියහැකි බවට කර ඇති ඇස්තමේන්තුව වෙනස් විය හැකි බව ද ෆිච් රේටින්ග්ස් වාර්තා කරනවා.

නව දත්ත අනුව එය තවත් වැඩිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වෙන්කළ රුපියල් බිලියන 450 සමඟින් 2024දී ශ්‍රී ලංකාවේ අයවැය පරතරය 9.1% වියහැකි බවට අයවැය යෝජනාවලියේ සඳහන්.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 330ක විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි කොටස සම්බන්ධයෙන් ද ෆිච් අදහස් දක්වා තිබෙනවා.

එහි දැක්වෙන්නේ එය තීරණය වන්නේ නිල ණය හිමියන්ගේ ප්‍රතිචාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමෙන් පසුව බවයි.

මෙරට විදෙස් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධ කාලරාමුව අවිනිශ්චිත බව ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් වාර්තා කරනවා.

COMMENTS