නවසීලන්තයට ලකුණු 398ක ඉලක්කයක්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය ඉන්දියාව සහ නවසීලන්තය පළමු අවසන් පූර්ව තරඟය මේ වන විට පැවැත්වෙනවා.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කළා.
කෝලි පන්දු 113 තුළ ලකුණු 117 රැස් කිරීමට සමත් වුණා.
ඔහු සිය එක්දින දිවියේ 50 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කළේ, ජගත් එක්දින පිටියේ වැඩිම ශතක ලාභියාගේ වාර්තාව තබමින්.
Shreyas Iyer පන්දු 70 තුළ ලකුණු 105යි.
ශුබ්මන් ගිල් ලකුණු 80යි.
නායක රෝහිත් ශර්මා ලකුණු 47යි.

