පළමු අවසන් පූර්ව වටයේ තරඟ අද සිට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා.
ඒ, ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතරයි. මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වීමට නියමිතයි.
මෙවර සත්කාරක ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව තරගය ට එක්වන්නේ මූලික වටයේ සියලු තරග ජයගෙන අපරාජිත කණ්ඩායම ලෙසයි. නවසීලන්තය සහභාගී වූ තරග 9න් 5ක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
දෙවන අවසන් පූර්ව තරගය හෙට ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙනවා.

