ඔස්ට්‍රේලියාවට ලකුණු 213ක ඉලක්කයක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟයේ දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 212ක් පමණයි.
පන්දු යැවීමේ දී Mitchell Starc කඩුලු 03 දවා ගත්තා.
Josh Hazlewood, Pat Cummins සහ Travis Head කඩුලු 02 බැගින් ලබා ගත්තා.
දකුණ අප්‍රිකාව වෙනුවෙන් David Miller ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ ඔහුගේ එක්දින 24 වන ශතකයයි.

