බාලවයස්කාර පෙම්වතිය මුදලට අළෙවි කළ පෙම්වතා අත්අඩංගුවට

බාලවයස්කාර පෙම්වතිය මුදලට අළෙවි කළ පෙම්වතා අත්අඩංගුවට

මත් පෙති පානය කිරීමට මුදල් සොයා ගැනීම සඳහා බාලවයස්කාරියක වන තම පෙම්වතිය මිතුරන්ට අළෙවි කළ පෙම්වතෙකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔහු සහ ඔහුගේ මිතුරන් හත්දෙනකු විසින් බාලවයස්කාරියක සමූහ දූෂණය කර ඇති බවයි.

මෙම බාල බාලවයස්කාරිය නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඇගේ මව ඇය කුඩා කාලයේදී ම පවුලේ සාමාජිකයන් අතහැර ගොස් තිබෙන අතර, මුන්දලමේ පදිංචිව සිටින මිත්තණියගේ රැකවරණය යටතේ ඇය හැදී වැඩී තිබෙනවා.

විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම බාලවයස්කාර මිත්තණියගේ අවවාද පිළිනොගන්නා දඩබ්බර තැනැත්තියක බවයි.

ඇය රැකවරණයෙන් මිදී පලා ගොස් සිටිය දී පොලිසියට හසුවී අධිකරණයට ඉදිරිපත් කර පරිවාස භාරයේ දී රඳවා කළ ප්‍රශ්න කිරීම්වල දී මේ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය 23 හැවිරිදි තරුණයකු සමඟ පෙම් සබඳතාවයක් ඇති කර ගෙන ඇති අතර එහි දී ඇය දූෂණය වූ බවයි.

අනතුරුව ඔහු තමාව මිතුරන්ට අළෙවි කළ බව ඇය පොලීසිය හමුවේ ප්‍රකාශ කොට තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඇය දූෂණය වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 22 සිට නොවැම්බර් 09 වැනි දා දක්වා වූ කාලය තුළ දී බවයි.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් මෙම දියණියගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරන් හත්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.