ආගමික සිද්ධස්ථානවලට වසර අවසන් වන විට සූර්ය පැනල

ආගමික සිද්ධස්ථානවලට වසර අවසන් වන විට සූර්ය පැනල

මෙම වසර අවසන් වන විට ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයෙන් ලැබෙන ආධාර ව්‍යාපෘතිය යටතේ ආගමික සිද්ධස්ථානවල සූර්ය බල පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.

අදාළ ව්‍යාපෘතිය මගින් සියලුම ආගම් ඉගැන්වීමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන බෞද්ධ විහාරස්ථානවලට සහ ආයතනවලට සහන සැලසෙනු ඇති.

මෙහිදී ආගමික සිද්ධස්ථාන 2000ක් පමණ ආවරණය වන බවයි වාර්තා වන්නේ.