ඉන්ධන මිල යළි ඉහළ යන ලකුණු

ලබන වසරේ සිට වැට් අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කිරීම තුළින් ඉන්ධන ඇතුළු භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන බව විපක්ෂයේ මන්ත්රීවරුන් පෙන්වා දෙනවා.
ඊයේ අයවැය විවාදයට එක්වෙමින් විපක්ෂයේ මන්ත්රීවරුන් මේ බව සඳහන් කළා.
එහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක අබේසිංහ කියා සිටියේ ඉදිරියේදී ජනතාවට ජිවත්වීමට නොහැකි වී යන බවත් ඉන්ධන මිල 10 % කින් ලබන වසරේ වැඩිවන බවත්ය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්රී චන්න ජයසුමන සඳහන් කළේ ඩිසල් සහ පෙට්රල් මිලටත් වැට් බද්ද පැනවුනහොත් ඩිසල් සහ පෙට්රල් මිල රුපියල් 420 ක් ලෙසට ඉහළ යන බවට අපේක්ෂා කළ හැකි බවයි.

