කුළුබඩුවල ප්‍රමිති සහතිකකරණ වැඩ පිළිවෙළ ලබන මාසයේ සිට

මෙරට කුළුබඩුවල ප්‍රමිති සහතික කරණ වැඩ පිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව, කුළුබඩු සැකසුම් කර්මාන්තයේ යෙදී සිටින සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා ප්‍රමිතිය සහතිකකිරීමේ වැඩ පිළිවෙළක් වහාම ආරම්භ කරන ලෙසයි අමාත්‍යවරයා ජාතික කුළුබඩු සංස්ථාවට උපදෙස් ලබා දී ඇත්තේ.
කුළුබඩු ප්‍රමිති සහතිකකරණය පිළිබඳ සාකච්ඡාවක් පෙරේදා (15) පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙරට කුළුබඩු සඳහා ඉහළ ඉල්ලුමක් ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ පැවැතිය ද රටේ කුළුබඩුවල ප්‍රමිතිය සහතික කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බවයි
එමෙන්ම මෙම සහතික කිරීම තුළින් කිසිදු බාධාවකින් තොරව මෙරට සුළු හා මධ්‍යම පරිමාණයේ කුළුබඩු කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන අන්තර්ජාතික වෙළෙඳපළට අපනයනය කිරීමේ හැකියාව හිමිවනවා.

