මහින්දගේ උපන්දිනය

මහින්දගේ උපන්දිනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වන ජන්ම දිනය නිමිත්තෙන් පිංකම් මාලාවක් ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (17) පැවැත්වුණා.

ගැබිනි මව්වරුන් 420දෙනෙකුට දිවා ආහාරය, ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ රු 5,000ක මුල්‍ය ආධාරයක් ලබාදීම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළා.

එම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු රැසක් සහභාගී වුණා.

මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ පැමිණි ගැබිනි මව්වරුන්ට ආශිර්වාද කළා.

පිංකමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පලකළ අදහස් පහතින්

මාධ්‍යවේදීන් – මහමැතිවරණය ද ? ජනාධිපතිවරණය ද ? එන්නේ.

මහින්ද – “ඒක මං දන්නේ නෑ. මොක ආවත් අපි දිනනවා.”

මාධ්‍යවේදීන් -දැන් කොහොමද සූදානම ?

මහින්ද – “හොඳට සූදානම්.”

මාධ්‍යවේදීන් – පක්ෂයෙන් නායකයෙක් දානවා ද? අපිට ඉඟියක් දෙන්න පුළුවන් ද?

මහින්ද – “බලමු. ඒක කිව්වහම එළියට එනවා නේ.”

මාධ්‍යවේදීන් – අයවැයෙන් ඔබතුමා ඉන්න කාලේ වගේ කිසිම දෙයක් නෑනේ.

මහින්ද – “අපිව එපැයි කිව්වා. දැන් අලුත් කට්ටියක් ඇවිත් ඉන්නවා අපි බලමු.”