උමන්දාවේ රෝහලක් හා සුවතා මධ්‍යස්ථානයක්

උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ ඉදිකළ මහෝෂධ රෝහල හා සුවතා මධ්‍යස්ථානය විවෘත කර තිබෙනවා.
රෝහල හා සුවතා මධ්‍යස්ථානය විවෘත කිරීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළා.
මෙය ඉදිකර තිබෙන්නේ පූජ්‍ය සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීමෙන්.
මෙම රෝහල නවීන උපකරණ රැසකින් සමන්විතයි.
එමෙන්ම වැඩිහිටි රෝගීන් 200 දෙනෙකු සඳහා නේවාසිකව ප්‍රතිකාර ගැනීමේ පහසුකම් මේ තුළ පවතිනවා.

