ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

මේ වසර අවසානයට පෙර ණය තිරසරභාවයට ඇති කිරීමේ ඉලක්කය සපුරා ගන්නා බව ජනාධිපති ‘ගෝලීය දකුණේ හඬ’ රාජ්‍ය නායක සමුළුව අමතමින් මේ බව සඳහන් කළා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ දෙවැනි වරටත් පවත්වනු ලබන ගෝලීය දකුණේ හඬ රාජ්‍ය නායක සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) එක්වුණා.

එහි දී අදහස් දැක්වූ ජනාධිපති,

”පළමු සමුළුවෙන් ලැබූ සාර්ථකත්වය සමඟ අපට දිගුකාලීන දැක්මක් තිබුණා එක් ලෝකයක්, එක් පවුලක් සහ එක් අනාගතයක් යන දැක්ම යටතේ ක්‍රියාත්මක වන්න. නමුත් අවාසනාවන්ත ලෙස ගෝලීය දකුණ සහ ගෝලීය උතුර අතර විශාල පරතරයක් අද ඇති ව තිබෙනවා. එම පරතරය අවම කළ හැකි තත්ත්වයක අද ඉන්දියාව සිටිනවා. ඒ සඳහා ඉන්දීය අග්‍රමාත්‍යවරයා දරණ සාර්ථක උත්සාහයට අප සුබ පැතුම් එක්කරන්න කැමතියි. ඒ වගේම පැන නැගී ඇති ණය බේරුම්කරණය පිළිබඳ ගැටලුව ගැන කතා කළොත්, බංකොලොත් බවට පත් වූ ශ්‍රී ලංකාව අද ණය තිරසරභාවයකරා ගමන් කරමින් සිටිනවා. මා බලාපොරොත්තු වෙනවා මේ වසර අවසානය වන විට අප එම ඉලක්කය ජයගනු ඇති බවට. නමුත් මා කියන්නේ නැහැ සියලු දෙනාට එය සිදු කළ හැකි බව ඒ වගේම ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී සියලු රටවල පවතින ණය කපාහැරීම සඳහා සහයෝගය ලබාදෙනවා. එය ක්‍රියාත්මක කළ යුතු දෙයක්. පසුගිය දශක තුනක කාලයක් පුරාවට ආසියාවට මාරු වූ ආර්ථික බලය අද වනවිට අප්‍රිකාව වෙත හැරී තිබෙනවා. එම ක්‍රමවේදය දිගටම සිදුවිය යුතුයි. නමුත් ජාත්‍යන්තර වෙළෙඳාම මගින් ඒ සඳහා බාධාවන් ඇති ව තිබෙනවා. දක්ෂිණාංශ රටවලින් කිසිදු අදහස් විමසීමකින් තොරව උතුරුකරයේ රටවල් මෙවැනි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අපි ඒ සඳහා විරෝධය පළකර යුතු අතර, ගෝලීය දක්ෂිණාංශ කොටසට ද බලයක් ඇති බව අප පෙන්විය යුතුයි. එක් කොටසක් විසින් බලය පෙන්වනවා නම් අපට ඊට එකඟවිය නොහැකියි. සියලු දෙනාම එකට එක්ව ක්‍රියා කළ යුතුයි. සියලු දෙනා පොදු අරමුණක් වෙනුවෙන් එක්ව හඬ නැඟිය යුතුයි. නැත්නම් අපට සාර්ථකත්වය කරා ළඟාවීමට නොහැකියි”

COMMENTS