පාසල් සිසුවෙක් අතුරුදන්

පාසල් සිසුවෙක් අතුරුදන්

කුරුණෑගල ප්‍රදේශයේ ජාතික පාසලක ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් අතුරුදහන් වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම දරුවා පෙරේදා (16) පාසලට ගොස් ඇති අතර, එදින සිට අතුරුදන් වී ඇති බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක් වන ඔහු ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වූ සිසුවෙක්.

පොලීසිය සඳහන් කළේ සිසුවා තවත් පුද්ගලයෙකු සමඟ ඊයේ (16) කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් ගෙන ඇති බව එම මාර්ගයේ සීසීටීවී කැමරා දර්ශනවල සටහන් වී ඇති බවයි.

අනුරාධපුර, දිවුල්වැව හා කුරුණෑගල කටුපොත යන පොලිස් ස්ථාන මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

COMMENTS