පොලිස්පති සේවා දිගුව ප්‍රතික්ෂේප වෙයි

පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්නට ජනාධිපතිවරයා විසින් ලබාදුන් තුන්වන හා සිව්වන සේවා දිගු ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළිත් වරක් අද (18) රැස්වූ අවස්ථාවේ එම සභාව ඒකමතිකව තීරණය කර ඇත්තේ අවසන් සේවා දිගු දෙකම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමටයි.

