ජනපති USAID පරිපාලක හමුවෙයි

ජනපති USAID පරිපාලක හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් හමුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මාලදිවයිනේ මාලේ අගනුවර දී ඊ‍යේ (17) මෙම හමුව සිදු වූ බවයි.

මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව, මෙම හමුව සිදු වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

COMMENTS