දියේ ගිලී දැරියක් ජීවිතක්ෂයට

බදුරලිය, ඉළුක්පතන ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක නාන තටාකයේ දියනාමින් සිටි දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ, 06 හැවිරිදි වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි දැරියක්.
එම දැරිය දෙමාපියන් සහ ඥානීන් පිරිසක් සමග නිවාඩු නිකේතයට පැමිණ සිටි අවස්ථාවේ දී මෙම අනතුරට ලක්ව ඇති බව වාර්තා වෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහය දෙමාපියන් වෙත භාර දී තිබෙනවා.
බදුරලිය පොලීසිය සඳහන් කළේ ඊයේ (17) සවස් කාලයේ දී එම සිදුවීම වාර්තා වූ බවත්, මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

