මාරවිල මුහුදේ සිව්දෙනෙක් අතුරුදන්

මාරවිල, මුහුදුකට්ටුව ප්රදේශයේ දී මුහුදට ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
පොලිසිය පවසනන්නේ අතුරුදන් වී ඇති බව කියන බෝට්ටුවේ හිමිකාරිනිය වන මාරවිල – උතුරු මූදුකටුවේ පදිංචි ශ්රියානි ජීවනී ප්රනාන්දු යන අය විසින් ඒ බව අද (19) අලුයම 03.30ට පමණ මාරවිල පොලීසියට දැනුම් දුන් බවයි.
ධීවර කටයුතුවල යෙදී සිටින අතරතුර ඇති වූ වැසි සහිත කාලගුණය සමඟ බෝට්ටුව මුහුදේ පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

