ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට නොවැම්බර් 10 වන දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි සී සී විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබෙනවා.
ක්‍රිකට් තහනම පැවතිය ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහභාගී වන තරඟාවලි සඳහා එමඟින් බලපෑමක් ඇති නොවන බව වාර්තා වෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කිරීමට එහි දී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මෙම රැස්වීමට සහභාගි වී ඇති බව ද වාර්තා වෙනවා.

