තවදුරටත් තද වැසි

තවදුරටත් තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබෙනවා.

අද (21) පස්වරු 4.00 නිකුත් කරන ලද එම නිවේදයේ දැක්වෙන්නේ හෙට (22) අලුයම 1.00 වන තෙක් එය වලංගු වන බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාවත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිඟුරම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව නිවේදනයේ සඳහන්.

ඒ අනුව ඇතම් ස්ථානවලට මි.මී 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම් කරනවා.

COMMENTS