අධිකරණ පරිශ්රයේ දී දැරියකට ලිංගික අපයෝජනයක්

ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සිද්ධියකට අදාළ නඩුවකට පෙනී සිටීම සඳහා ගලගෙදර මහේස්ත්රාත් අධිකරණයට පැමිණ සිටි 12 හැවිරිදි දැරියකට අධිකරණයේ පරිවාස කාර්යාලයේ දී ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඇය සිය මව සමඟ අධිකරණයට පැමිණ බංකුව මත වාඩි වි සිටිය දී මෙම අපයෝජනය සිදු ව ඇති අතර, මව පරිවාස කාර්යාලයේ නිලධාරිනියන් වෙත කරන ලද පැමිණිල්ලකට අනුව 58 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

