ක්‍රිකට් තහනමෙන් ඇ ඩො මිලියන 100ක් අහිමිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනම පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.
19න් පහළ ලෝක කුසලාන සත්කාරකත්වය සහ 2024 ජූලි මස මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව අහිමිවීම තුළින් එම පාඩුව සිදුවෙන බව ඔහු සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී යි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරඟ සඳහා සහභාගි විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි මෙරට දී පැවැත්වීමට නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

